ඇමෙරිකන් තනාපති කාර්යාල වසා දැමීම කෙරෙහි ට්‍රම්ප්ගේ අවධානය

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇත.

යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මීට ඇතුළත්ය.

සෝමාලියාව, ඉරාකය, මෝල්ටා, ලුක්සන්බර්ග්, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, දකුණු සුඩානය ආදී රටවල් මෙම ලැයිස්තුවට ඇතුළත් බව ද පැවැසෙයි.

ප්‍රංශයේ ඇමෙරිකන් කොන්සල් කාර්යාල පහක් ඇති අතර එම කොන්සල් කාර්යාල වසා දැමීමට යෝජනා වී ඇත.

ඊට අමතරව, ජර්මනියේ කොන්සල් කාර්යාල දෙක, බොස්නියාවේ  කොන්සල් කාර්යාල දෙක ද වසා දැමීම කෙරෙහි අවධානය යොමු වී ඇත.