TRCSL අනුමැතිය නැති ජංගම දුරකථන මිලට ගන්න එපා.

ජනතාව මිලදි ගත යුත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් අනුමත කරන ලද ජංගම දුරකථන පමණක් බව එම කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එම්. පතිරණ පවසන්නීය .

තමන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන දුරකථනයට TRCSL අනුමැතිය ඇති බව තහවුරු කර ගැනීමට IMEI අංකය පරීක්ෂා කරන ලෙස ඇය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියාය .

ජංගම දුරකථන පෙට්ටියේ කවරයේ IMEI අංකය පෙන්වයි. පුද්ගලයන්ට IMEI හිස්තැනක් IMEI අංකයේ ඉලක්කම් 15 අංක 1909 කෙටි පණිවුඩයක් යවීමෙන් IMEI අංකයේ වලංගුභාවය පරීක්ෂා කළ හැකිය. ජංගම දුරකථනය ලියාපදිංචි කර තිබේද නැද්ද යන්න පිළිබඳව ක්ෂණික පිළිතුරු පණිවිඩයක් ලැබෙනු ඇත.