තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වැනි දිනය අද

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු තෙවැනි දිනටත් අද (6) සිදුකෙරෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ට අද පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශය කළ හැකියි.

ඊයේ (05) සහ අද (06) යන දෙදින තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පැවති අතර, ඊයේ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සදහා අද දිනයේ ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා.

එමෙන්ම මෙම දින තුන තුළ ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින ද තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකියාව ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා පසුගියදා සඳහන් කළා.