කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වනවා.

ඊයේ දින අති උත්කර්ශවත් ලෙස බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදි මෙම පොත් ප්‍රදර්ශනය ආරම්භ වුණා.

අද දවසේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමඟින් එක් වීමට නියමිතයි.

ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පවත්වනු ලබන් මෙම පොත් ප්‍රදර්ශනය මෙවර 2024 වසරේ පැවැත්වෙන්නේ 25 වන වරටයි.

ඊයේ ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ෂනය ලබන 6 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ආරම්භක දිනයේ සිටම විශාල පිරිසක් මේ හා සම්බන්ධ වුණා.