පසුගිය වසර සඳහා බදු ගේවීමට ලබා දුන් අවසන් දිනය අදයි

ඒ අනුව ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙක්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

යම් තැනැත්තෙක් එම ගෙවීම් පැහැර හරින්නේ නම් හෝ ප්‍රමාද වීම් සිදු කරන්නේ නම් ඔවුන් නීති ප්‍රකාරව දණ්ඩනයකට හා පොලියකට යටත් කිරීමක් සිදුකරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම කිසියම් තැනැත්තෙකු විසින් ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු පවතින්නේ නම් ඒ සියල්ල ද ඔක්තොබර් මස 30වන දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතුයි.

එදිනට පසුව තවදුරටත් හිඟ බදු පවතින්නේ නම් ඒවා අයකර ගැනීම සදහා දේශීය ආදායම් පනතේ සඳහන් පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1944 දුරකතන අංකය ඔස්සේ දැනගැනීමට හැකියි.