මාළිමාව පළාත් පාලන ආයතන පිහිටුවන හැටි

පළාත් පාලන ආයතනවල සභා බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බවත්, ඒ සදහා ස්වාධීනව ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගේ සහාය ලබාගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.

එහෙත් සමගි ජන බලවේගය වැනි පක්ෂ සමග එක්ව සන්ධානගතව බලය පිහිටුවන්නේ නැති බවද, ඔහු කීවේය

සභාවක වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමි අයට සභාව පිහිටුවන ලෙස ආරාධනා කරන බවද, සභාව පවත්වාගෙන යාමේදී ඇතිවන තත්වයන් ගැන බැලිය හැකි බවද ඔහු කීවේය.

අය වැයේදී කිසියම් ගැටුවක් ඇතිවුවත්, සභා පවත්වාගෙන යාමේදී සභාපතිවරයාට විශේෂ බලයක් ඇතැයි සදහන් කළ ටිල්වින් සිල්වා සභාපතිවරයාට තීරක ඡන්දයක් ඇති බවද කීය. හොද අය වැයක් ඉදිරිපත් කරන්නේ නම්, කොමිස් නොගහන්නේ නම් කිසිවෙක්ට එයට විරුද්ධ විය නොහැකි බවද කීය.

සමගි ජන බලවේගය හෝ වෙනත් දේශපාලන පක්ෂයකින් පත්වූ පුද්ගලයේකට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට පැමිණියහොත් ඔවුන්ගේ සහාය ලබාගන්නේද යන්න පිළිබද කළ විමසීමකට පිළිතුරු දුන් ටිල්වින් සිල්වා සදහන් කළේ පුද්ගලයෙක්ට හිතුනොත් ඇවිත් උදව් කරන්න කියලා ඒකට කිසිම බාධාවක් නැති බවය.