හයක් ගිය රෝද තුන මාරාන්තික අනතුරක – තිදෙනෙක් මරුට..තිදෙනෙක් රෝහලට

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය අසළ ත්‍රී රෝද රථයක් හා ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එක් අයෙක් එතැනම මියගොස් තවත් දෙදෙනෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 68 හැවිරිදි තිදරු පියෙක් , ඔහුගේ මුණුබුරා (10) සහ මිණිබිරිය (07)යි.

ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි රියදුරුගේ බිරිඳ සහ දියණිය බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් මිණිබිරිය (18) ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.