සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා පිහිටුවන ලද ජාතික උපදේශක කමිටුව පළමුවරට රැස්වෙයි
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා පිහිටුවන ලද ජාතික උපදේශක කමිටුව ඊයේ (05) පළමුවරට රැස්වුණා.
ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සම සභාපතිත්ත්වය යටතේයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා උපායමාර්ග සැකසීම සම්බන්ධ ජාතික මට්ටමේ විද්වත් මණ්ඩලයක් (Think Tank) ලෙස කටයුතු කිරීම මෙම කමිටුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි.
මීට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනයට සම්බන්ධ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සම්බන්ධීකරණ ප්‍රයත්නයන් සහතික කරමින්, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා උපායමාර්ගිකව මඟ පෙන්වීම මෙහි අරමුණ වේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා වන ජාතික උපදේශක කමිටුවේ ප්‍රධාන අරමුණු පහත දැක්වේ.
• රජයේ සංවර්ධන න්‍යාය පත්‍රයට සහ වර්තමාන සංවර්ධන ප්‍රවණතාවලට අනුකූලව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා වන ජාතික ප්‍රතිපත්ති රාමුව සමාලෝචනය කිරීම සහ යාවත්කාලීන කිරීම.
• අන්තර්-අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ජාතික සැලැස්ම සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම සහ අධීක්ෂණය කිරීම.
• ශක්තිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍යකරණ රාමුවක් ස්ථාපිත කිරීම.
• සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී ඇතිවන අවදානම ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම.
• සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහායක පරිසරයක් ගොඩනැගීම, තාක්ෂණ හුවමාරුව පහසු කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, වෙළඳපොල ප්‍රවේශය වැඩි දියුණු කිරීම, ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් මුහුණ දෙන ප්‍රධාන අභියෝග විසඳීම.
• සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් මුහුණ දෙන ප්‍රධාන මූල්‍ය අභියෝග විසඳීම සඳහා නිර්දේශ සැපයීම.
මෙම ජාතික උපදේශක කමිටුවේ සමාජිකයින් පහතින්,

සම සභාපතිවරු:
- කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා.
- මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා,
සාමාජිකයින් :
- තිලකා ජයසුන්දර මහත්මිය (ලේකම්) – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ
- ආචාර්ය එම්.කේ.සී. සේනානායක මහතා (අධ්‍යක්ෂ) – රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
- ප්‍රදීප් කුමාර මහතා (අධ්‍යක්ෂ ජනරාල්) වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
- මංජුල හෙට්ටිආරච්චි මහතා (අධ්‍යක්ෂ ජනරාල්) සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
- ජේ.එම්.ටී. බණ්ඩා මහතා (අතිරේක ලේකම් /ප්‍රතිපත්ති) – වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය
- චමින්ද පතිරාජ මහතා, (අතිරේක ලේකම්/භාරකාර ප්‍රදේශ සංවර්ධන) – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
- ආර්.ආර්.එස්. ද සිල්වා ජයතිලක මහත්මිය (අධ්‍යක්ෂ /අධීක්ෂණ දෙපාර්තමේන්තුව), ශ්‍රී ලංකා මහ බැංකුව
- ජී.සී.ඒ. ආරියදාස මහතා (අධ්‍යක්ෂ /ප්‍රාදේශීය සංවර්ධන), ශ්‍රී ලංකා මහ බැංකුව
- ආර්ථික විද්‍යා මහාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා – රුහුණු විශ්වවිද්‍යාලය
- මූල්‍ය පරිපාලන විශේෂඥ අනිල් දිල්රුක් ප්‍රියංකර බද්දෙවිතාන මහතා, (ප්‍රාදේශීය ලේකම්)
- ආචාර්ය රවි බමුණුසිංහ මහතා ව්‍යාපාර (උපදේශක/පුහුණුකරු සහ ජ්‍යෙෂ්ඨ පීඨ සාමාජික) කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය
- ආචාර්ය කෙනෙත් ද සිල්වා මහතා (විධායක නිලධාරී) සීමාසහිත ලංකා ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනය
- ශශිකා ද සිල්වා මහත්මිය – ව්‍යවසායිකා
- අචලා සමරදිවාකර මහත්මිය (සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ) ගුඩ් මාර්කට්
- සමාධනී කිරිවන්දෙනිය (අධ්‍යක්ෂ) සණස ව්‍යවසායක මූල්‍ය ප්‍රවීණතා මධ්‍යස්ථානය (SEFEC)
- අනෝජා හේරත් (කැදවුම්කරු) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

