පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම ප්‍රමාදයි

මන්ත්‍රිවරුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව වාර්තා වනවා.

ඇතැම් මන්ත්‍රිවරුන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ඉල්ලා ලිපි පහක් යොමු කිරීමට සිදු වූ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම සිහි කැඳවීමේ ලිපිවලට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් 169 දෙනෙකු සියවත්කම් ප්‍රකාශ ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා තවමත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නැහැ.

ඒ මහතා අසනීපව සිටින බැවින් පසුව එම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන බවටයි ඒ මහතාගේ ලේකම්වරයා පාර්ලිමේන්තු ප්‍රධානින්ට දන්වා තිබෙන්නේ.

මන්ත්‍රිවරුන් විසින් ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශ මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාර දී තිබෙනවා.

සෑම මන්ත්‍රිවරයෙකුම සිය වත්කම් බැරකම් ප්‍රකාශ ජුනි මස 30 වනදා වන විට කතානයක වරයාට ලබා දීම සාමන්‍ය ක්‍රියා පටිපාටිය වනවා.

නමුත් එළෙස ලබා දීම පැහැර හැරි මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!