රොබෝ තාක්ෂණයෙන් සිදුකළ ලොව ප්‍රථම පූර්ණ හදවත් බද්ධ කිරීමක් පිළිබඳ පුවතක් සෞදි අරාබියෙන් වාර්තා වනවා.
ඔවුන් එම සැත්කම සාර්ථකව අවසන් කරමින් පසුගියදා ඉතිහාසගත වුණා.
මෙම සැත්කම සිදුකර ඇත්තේ කිං ෆයිසාල් විශේෂඥ රෝහලේ හෘද රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය ෆෙරාස් ඛලියෙල්ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින්.
හදවත බද්ධ කිරීම සඳහා පපු ප්‍රදේශය සම්පුර්ණයෙන් විවෘත කිරිමකින් තොරව අඩු කැපුම් ප්‍රමාණයකින් රොබෝ තාක්ෂණය භාවිතයෙන් මෙම හදවත බද්ධ කිරීම කළ බව හෘද රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය ෆෙරාස් ඛලියෙල් පවසනවා.
එහිදී රොබෝ තාක්ෂණය භාවිත කරන යන්ත්‍රයක් රෝගියාගේ ඉළ ඇට ප්‍රදේශයේ සෙන්ටිමීටර 7ක පමණ කැපුමක් කර ඒ ඔස්සේ මෙම ශල්‍යකර්මය කර තිබුණා.
වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම රොබෝ යන්ත්‍රය ක්‍රියාකර තිබෙනවා.
ශල්‍යකර්මය සඳහා පැය 2යි විනාඩි 30ක කාලයක් වැය වී ඇති අතර හෘදය අකර්මණ්‍යවීමේ අවසන් අදියරේ සිටි අවුරුදු 16 රෝගී දරුවෙකුයි මෙම ශල්‍යකර්මයට භාජනය වී ඇත්තේ.
හදවත බද්ධ කිරීම සඳහා පපු ප්‍රදේශය විවෘත නොකරන ලෙස හෘදරෝග විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමෙන් එම රෝගියා විශේෂයෙන් ඉල්ලා සිටීම හේතුවෙන් ඔහුව මෙම ශල්‍ය කර්මය සඳහා තෝරාගැනීමට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ෆෙරාස් ඛලියෙල් ප්රමුඛ වෛද්‍යවරුන් කණ්ඩාය තීරණය කර තිබෙනවා.
ශල්‍යකර්මයට ප්‍රථමයෙන් හෘද රෝග විශේෂඥ වෛද්‍ය ෆෙරාස් ඛලියෙල් පුමුඛ වෛද්‍යවරුන් කණ්ඩායම දින 3 ක් පුරාවට හත් වතාවක් පුහුණුවී ඇති අතර ඉන් අනතුරුව රොබෝ තාක්ෂණය භාවිතයෙන් මෙම ශල්‍යකර්මය සිදුකර තිබෙනවා.
සම්පූර්ණයෙන් රොබෝ තාක්ෂණය භාවිතයෙන් මෙම ශල්‍ය කර්මය සිදු කිරීම හේතුවෙන් ශල්‍ය කර්මයෙන් පසුව රෝගියාට දැනෙන වේදනාව සහ සුව වීමට යන කාලය සාමාන්‍ය හදවත් බද්ධ කිරීමකදී වැයවෙන කාලයට සහ වේදනාවට වඩා අඩු බවද වෛද්‍යවරයා පවසනවා.
1960 දශකයේදී හදවත් බද්ධ කිරීම ආරම්භ කිරීමෙන් පසුව හදවත් බද්ධ කිරීමේ ඉතිහාසයේ මෙය තවත් සන්ධිස්ථානයක් පසු කිරිමක් බවත් ශල්‍යකර්මයට බඳුන්වූ රෝගියා ඉතාමත් හොද ශරීර සෞඛ්යායකින් සිටින බවත් ෆයිසාල් විශේෂඥ රෝහලේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය මයිද් අල් ෆයාද් පවසනවා.