ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දිවයිනට

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන්වන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11 ) රාත්‍රීයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 05 වනදා කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර ඉකුත් 10වනදා පවත්වා තිබුණා.

එහිදී මෙම දෙරට 2 – 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4 – 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා කර ගෙන තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා අති විශාල පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!