ත්‍රීවීලරයේ මරා දමා තිබූ බිළිඳියගේ මරණය ගැන හෙළි වූ ඇත්ත

ආගරපතන ප්‍රදේශයේ වතු නිවාස පේළියක් අසල ත්‍රිරෝද රථයක තිබි හමු වු බිළිදිය වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

අදාළ ත්‍රිරෝද රථය ගාල්කර තිබියදී එහි රියදුරුගේ මව සිදු කළ සොයා බැලීමකදී පොලිතින් බෑගයක දමා තිබූ බිළිදියගේ සිරුර පෙරේදා සොයාගත්තා

ඒ අනුව සිදු කළ පැමිණිල්ලකට අනුව 28 හැවිරිදි එක්දරු පියෙකු වන ත්‍රිරෝද රථ රියදුරු මෙන්ම 24 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබුවා.

සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අදාළ කාන්තාව පවසා ඇත්තේ සැකකාර රියදුරු සහ තමන් අතර අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මාවනැල්ල ප්‍රදේශයේ නිවසකදී බිළිදිය බිහි කළ බවයි.

එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළින්දියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැගවීම සදහා ත්‍රිරෝද රථ රියදුරා සමග ආගරපතන්ත ප්‍රදේශයට පැමිණි බව සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!