පෞද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වුණු ඛේදනීය පුවත

පසුගිය 18 වනදා පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඉකුත් 18වනදා එම පහරදීම සිදුකර ඇති අතර අදාළ පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19) උදෑසන මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාරම්මිණිය පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙක්.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකරුට පිරිසක් විසින් පහරදී එම ඝාතනය සිදුකර ඇත බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අපරාධ සඳහා භාවිතා කළ පිහියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.