ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවුණා.
අපරාධ මර්ධනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම තමන් අගය කරන බව ජපාන් තානාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පවසා තිබෙනවා.
විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.
ජාතික ප්රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙම හමුවේදී තානාපතිවරයා සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.
අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩසටහනේ සාර්ථකත්වය සහ එහි වැදගත්කම පිළිබඳව ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතාව දැනුවත් කරනු ලැබුවා .
ඉදිරියේදී යළිත් අවස්ථාවක ජපාන තානාපතිවරයා අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවී ඉහත සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසුවා.