පොලිසිය බලය පෙන්නයි – ලේකම්ටත් නිදහස් පක්ෂ මූලස්ථානය තහනම් කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු පිරිසකට නිදහස් පක්ෂ මූලස්ථාන පරිශ්‍රයට ඇතුළු වීම මරදාන පොලිසිය විසින් වළක්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලිපියක් යවමින් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පෙන්වා දෙන්නේ එය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

මුලස්ථානය පසුපස ගොඩනැගිල්ලේ දී සංවිධායකවරුන්ගේ රැස්වීමක් පැවැත්වෙන බවයි ඔහු පොලිසියට දැනුම් දී ඇත්තේ.