දකුණේ පාතාලයට උදව් දුන් මුහුදු කොටියා කුඩුත් එක්ක මාට්ටු

දකුණේ පාතාල නායකයන් සමග එක්ව ප්‍රභූ ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ මුහුදු කොටි බළකායේ හිටපු ප්‍රධානියෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එල්.ටී.ටී ත්‍රස්ත්වාදීන්ගේ, මුහුදු කොටි බළකායේ බර අවි අංශ ප්‍රධානි වේන්ද්‍රන් හෙවත් ආර්. පී. ජී. රාජා නමැත්තායි මේ අයුරින් මාතරට කේරළ ගංජා කිලෝ තුනක් රැගෙන එමින් සිටියදී යුද හමුදා බුද්ධි අංශය කළ මෙහෙයුමකින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට පත් වූ හිටපු කොටි නායකයා යුද්ධය නිමා වූ පසු, කොටි සංවිධානය යළි නගා සිටුවීමට උත්සාහ දැරීමේ චෝදනාවට බෝම්බ ඇතුළු අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටියා.

මෙම කොටි නායකයා දකුණේ පාතාලය හා එල්ටිටීඊ වෙඩික්කරුවන් සම්බන්ධ කරමින් දකුණේ අපරාධවලට නායකත්වය දුන් බවද 2019 දී අත්අඩංගුවට ගත් මොහොතේ අනාවරණ වී ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරන අතර, එම පුවත් වාර්තාවේ වැඪ්ඊඪ්ඃඋඍඇඨැඨ්ඃ ඪ්ඃඅක්ව්ඓණ්ණ්ඓඓ, පාතාල නායක ගණේමුල්ල සංජීවගේ පාතාල කණ්ඩායම හා කඩුවෙල රණාලේ සමයං හා නේවි අසංකගේ පාතාල කණ්ඩායම් සමග මෙම කොටි නායකයා සබඳතා පැවැත් වූ බව හමුදා බුද්ධි අංශ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එවකට හෙළිකර ගෙන් තිබූ බවයි.

බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි මෙම සැකකරු, දකුණේ පාතාලය සමග එක් වී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට හමුදා බුද්ධි අංශය කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මාතර විශේෂ පොලිස් කොට්ඨාසයේ නිලධාරින් සමග මෙම වැටලීම ඊයේ (13) කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!