ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන කංසා ආශ්‍රිතව විවිධ නිෂ්පාදන සිදුකරමින් ප්‍රදර්ශනයක් පවත්වමින් කංසා ප්‍රවර්ධනය කළ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ ආචාර්ය වසන්ත සේන වැලිඅංගේ ඇප මත මුදාහැර තිබෙනවා.
ලුණුගම්වෙහෙර පොලිසිය විසින් පෙරේදා (20) ඔහුව අත්අඩංගුවට ගත්තේ කංසා ගසින් ලබා ගන්නා කෙඳි විශේෂයකින් සාදන ලද රෙදි පිළි, කංසා යොදා ගනිමින් කරන ලද විසිතුරු භාණ්ඩ, කංසා පටක යොදා නිෂ්පාදනය කරන ලද යට ඇඳුම්, ගමන් මලු මෙන්ම සුවඳ විලවුන් වර්ග,ආලේපන වර්ග ඇතුළත් කංසා ආශ්රිත නිෂ්පාදන දෙසිය පනහකට වැඩි ප්‍රමාණයක් ද සමගයි.
ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පෙරේදා එම ප්‍රදර්ශනය නැරඹීමට ගොස් කංසා ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
කංසා ආශ්‍රිතව ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද ටින්ක්ව වර්ගය පාන හතරක්, ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත කංසා අඩංගු වයින් බෝතල් කිහිපයක්, නෙදර්ලන්තයේ නිෂ්පාදිත කංසා අඩංගු ශක්තිජනක පානයක්, ස්විස්ටර්ලන්තයේ නිෂ්පාදිත කංසා අඩංගු අයිස් තේ පානයක් ද මෙහිදී ප්‍රදර්ශනය කර තිබුණා.
කෙසේ වෙතත් කංසා වගා කිරීම ළඟ තබා ගැනීම කංසා ප්‍රවර්ධනය කිරීම නීතියෙන් තහනම් වන බැවින් මහාචාර්යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි ලුණුගම්වෙහෙර පොලිසිය සඳහන් කළේ.