ඡන්ද දෙකක් එක දවසේ තියන්න අහලත් නෑ – ප්‍රායෝගිකත් නෑ

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක් දිනයක පැවැත්විය නොහැකි බවත් ගැටලු මතුවන බවත් මැතිවරණ කොමිසම පවසනවා.

කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබුණේ එවැනි අවස්ථාවකදී මතුවන ප්‍රායෝගික ගැටලු හේතුවෙන් මෙසේ මැතිවරණ දෙක එකම දිනක පැවැත්විය නොහැකියි.

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක් දිනයක පැවැත්වීම සම්බන්ධයෙන් මේවනවිට කතාබහක් ඇතිව තිබෙනවා.

කොමිසම පවසන්නේ ජනාධිපතිවරණය සඳහා රටටම එකම ඡන්ද පත්‍රිකාවක් ලබාදෙන අතර මහ මැතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් වෙනස්වන බවයි.

මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසන්නේ එක් දිනයක මැතිවරණ දෙකම පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් කරුණු විමසා නැති බවයි.