සූදුපොළක් වටලන්න ගිය පොලිස් නිලධාරීන් රෝහලට

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරීන් ඌව කුඩාඔය තිස් අට ප්‍රදේශයේ නිවසක සූදුපොළක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් මත එම සූදු පොල වැටලීම සඳහා පිටව ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි සිටි පිරිසක් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වනවා.

සිද්ධිය සිදුවන අවස්ථාවේ සැකකාර නිවසේ සිටි පුද්ගලයාත් පොලීසිය තමාට පහර දුන් බව පවසා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිස් ස්ථානය ඉදිරි විමර්ශන සිදුකරනවා.