ලෙබනනයේ ජනතාව බියෙන්

දින දෙකක් තුළ ලෙබනනයෙන් වාර්තා වූ පේජර් සහ වෝකි ටෝකි යන්ත්‍ර පිපිරීමෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

අඟහරුවාදා සිදුවූ පේජර් පිපිරීමෙන් 12 දෙනෙක් මියගොස් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

එමෙන්ම ඊයේ වාර්තා වූ වෝකීටෝකි යන්ත්‍ර පිපිරීමෙන් 20 දෙනෙක් මියගොස් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

මේ අතර ලෙබනනයේ බේරූට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ පේජර් සහ වෝකීටෝකි යන්ත්‍ර භාවිතය තහනම් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනව.

එසේම ලෙබනනයේ ජනතාව මේ වනවිට ජංගම දුරකථන පාවිච්චි කිරීමට පවා බියෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!