වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ පෙත්සමේ නියෝගය කල්යයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය ලබන 26 වනදා දක්වා කල් තබා තිබෙනවා.

එම නියෝගය අද (09) අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා.

එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත්කිරීම ලබන 26 වනදා දක්වා කල්තබන බව විනිසුරුවරයා ප්‍රකාශ කළා.

එම වෛද්‍යවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර, තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව පවසා තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.