පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්ගේ නව සන්ධානය 5දා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායම නිර්මාණය කරන නව දේශපාලන සන්ධානය ලබන මස 5 වැනිදා එළි දැක්වීමට නියමිතව තිබෙනවා.

එහි සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලේකම්වරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කෙරෙන බවයි පොහොට්ටුවෙන් ජනපතිට සහය දෙන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කර ඇත්තේ.

මෙම සන්ධානය සඳහා පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට අධික පිරිසක් එක්වීමට නියමිත බව වාර්තා වනවා.

මීට අමතරව හිටපු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු රැසක් ද මෙම සන්ධානය හා එක්වෙනවා.

නව සන්ධානය සඳහා පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ 14 ක් එකතු වීමට සුදානමින් සිටින බව එම ප්‍රකාශකයා සඳහන් කරනවා.