ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය සාධාරණ නෑ – නාමල් ආණ්ඩුවට දෙහි කපයි

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති බව සහ ආණ්ඩුව ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්තිය ව්‍යාපාරිකයන්ට පීඩා ගෙන දෙන්නක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ කුරුණෑගල මාවතගම සතිපොළ ක්‍රිඩාංගණයේදී පැවති ජන හමුවකට එක්වෙමින්.

“අද නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා, විදුලි බල, ප්‍රවාහනය යන සියලුම කාරණා එක්ක අසීමිත, අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. මේ රටේ ජනතාවට දරාගත හැකි සිදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන කාරණාව ගැන ආණ්ඩුව අවධානය යොමු කර නැහැ.

ජනතාවට දරාගන්න බැරි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා කියලා රාජ්‍ය භාණ්ඩාගාරයේ ආදායම් වැඩි වෙන්නෙත් නෑ. රටේ ජනතාවට සාධාරණයක් වෙන්නෙත් නෑ .

සමහර දේශපාලනඥයන් හිතනවා රටින් ගෙනල්ලා කන්න දෙන එක ලාභයි කියලා. ඒ වගේ ප්‍රතිපත්ති තමයි මේ දේශපාලකයන් ඉස්මතු කරන්නෙ”.