පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ජිවිතක්ෂයට

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිපතිවරයෙකු වන ඇල්බර්ටෝ ෆුජිමෝරි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතා 86 හැවිරිදි වියේ පසුවුණා.

1990 වසරේ සිට 2000 දක්වා අතර කාලයේ පේරු රාජ්‍යය පාලනය කළ ඒ මහතාට එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණා.

ඔහුව බලයෙන් පහකෙරුණේද ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවල ප්‍රතිඵලයක් ලෙසටයි.

පසුව ඔහු ජපානයට පැනගිය අතර 2005 වසරේදී ෆුජිමෝරිව චිලි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගැනුණා.

පසුව ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා වසර 25කට ඔහුව බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කළේ වසර 15කට පසුවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!