විදෙස් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

විදෙස් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ත්‍රිකුණාමල වරායේ රඳවාගෙන තිබෙනවා.

ගාලු මුහුදේ ධීවරයාත්‍රාවක් සහා විදෙස් යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාල මෙම යාත්‍රාව නාවික නීතිය යටතේ අත් අඩංගුවට ගත් බවයි ශ්‍රි ලංකා වරාය අධිකාරිය දැනුම් දෙන්නේ.

ලිබියාවේ සිට බංග්ලාදේශය බලා පොහොර පටවාගත් ” කමාන්ඩර් – කේ ” නෞකාව ඉන්ධන පිරවීම සඳහා ත්‍රිකුණාමල වරායට පැමිණි අවස්ථාවේ ගාලු වරායෙන්ලබාදුන් තොරතුරු මත මෙලෙස රැඳවුම් භාරයට ගත් බවයි ත්‍රිකුණාමල වරායේ නියොජ්‍ය මාස්ටර් ,කපිතාන් ශ්‍රියන්ත ශර්මන් පැවසුවේ.

ගාල්ල වරාය පොලීසියේ සහ ත්‍රිකුණාමලවරාය පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.ඒ රණවීර ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම නෞකාව රඳවාගෙන සිටින අතර නෞකාව වෙත ගොස් එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබෙනවා.

කෙසේ නමුත් එම නෞකාවේ කපිතාන්වරයා කියා තිබෙන්නේ ඉන්ධන ලබා ගැනීම සඳහා තමන් ත්‍රිකුණාමල වරායට පැමිණෙන තෙක්ම එලෙස ධීවර යාත්‍රාවක් ගැටුණු බව තමන් නොදන්නා බවයි .