ජාතික රෝහලේ ඇතැම් ආහාරවල පුස් – නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇත්ත හෙළි කරයි

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන ආහාර නිසි ප්‍රමිතියෙන් තොර බවත් ඇතැම් ආහාර පුස් බැඳි ඇති බවත් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (16) සඳහන් කළා.

රෝහලට ආහාර සපයන සමාගම රාජ්‍ය ආයතන රැසකටම ආහාර සපයන අතර මෙම තත්ත්වය පිළිබඳ ඔවුන්ට දැනුම් දී ඇතත් මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.