පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන්

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වනදා ආරම්භ කෙරෙන බව එම නිවේදනයේ දැක්වෙනවා.

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා මෙය අදාළ වනවා.

එමෙන්ම මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භ වනවා.