නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇති බව සඳහන් වෙනවා.
මේ අතර නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව වාර්තා වෙනවා.