විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනයේ අවසන් තීරණය අද

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද (04) අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ, සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ (03) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

එම සාකච්ඡාවේ දී එකඟ වූ කරුණු සම්බන්ධයෙන් අද දිනයේ සිය වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දැනුම්දෙන බව ඒ මහතා සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!