ගංවතුරේ බලපෑමෙන් ඇතිවන රෝගවල අවසානය මරණය ?

පසුගිය දින කිහිපයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති වුණා.

එසේ ඇති වූ ගංවතුර තත්ත්වය බලපෑමෙන් විෂබීජ ඇතුළු වී යම් රෝගී තත්ත්වයක් ඇතිවී තිබේ නම් වහාම ප්‍රතිකාර ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය තිලංග රුවන් පතිරණ මහතා සඳහන් කරනවා.

රෝගී තත්ත්වය ඇතිවූ මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර නොගැනීම නිසා මරණය පවා සිදුවිය හැකි බව ඒ මහතා අවධාරණය කරනවා.

ගංවතුර සමග බෝවන රෝග මෙන්ම වසංගත තත්ත්වයන් පාලනය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දැක්වූවා.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය තිලංග රුවන් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ,

”ජලය උණුකර භාවිතා කරන්න.අතීසාරය,සෙංගමාලය, ආහාර විෂවීම් ඇතිවිය හැකියි.තාවකාලිකව පලා වර්ග භාවිතය නතර කළ හැකි නම් සුදුසුයි.ගංවතුරට හසු වූ ලිං ඉස ක්ලෝරීන් එක් කිරීමෙන් පසුව භාවිතයට ගන්න.” යනුවෙනුයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!