ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරේ

2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 21වනදා බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.

එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන්වනවා.

රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසත් මෙම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය පහළින් ,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!