රේගු වර්ජනය අවසන්

රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව දියත් කළ වර්ජනය අවසන් කළ බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

වර්ජනය අත්හිටුවා ඇත්තේ වෘත්තීය සමිති සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලු‍ම් 5000ක් පමණ කොළඹ වරායේ සිරවී ඇති බව බහාලු‍ම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ ඊයේ රාත්‍රියේ බහාලු‍ම් 1200ක පමණ නිශ්කාශක කටයුතු සිදුකර ගැනීමට හැකියාව ලැබුණු බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!