අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් අනුව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
ඩුබායිහීදී අත්අඩංගුවට පත්වුණු රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දිවයිනට රැගෙන ආ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බව වාර්තා වනවා.