හරක් කටාට සහය දුන් බවට චෝදනා එල්ලවූ CID කොස්තාපල්වරයාට අද ලැබුණු තීන්දුව

නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමට උත්සාහ කිරීමේ සිද්ධියට සහාය දුන් බවට චෝදනා එල්ලවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් සංජය අබේසිංහ මහතාව අධිකරණය මගින් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.

ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අද (20) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අදාළ කොස්තාපල්වරයා ඉදිරිපත් කරනු ලැබුවා.

පොලිස් කොස්තාපල් සංජය අබේසිංහ ව මාස 11ක පමණ කාලයක් TIDයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබනවා.