කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර ගිණුම් 16කට පැනවූ තහනම දීර්ඝ කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂිත ඔප්පු සම්බන්ධයෙන් පැනවූ තහනම දීර්ඝ කර ඉදිරි විමර්ශන සිදු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව ප්‍රකාශ කරනවා.

ඒ සඳහා ඉදිරියේදී කොළඹ මහාධිකරණයට කරුණු දැක්වීමට නියමිත බවයි එම කොමිසන් සභාව පවසන්නේ.

පසුගිය මස 27වනදා හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමීපුරුෂයාට අයත් ස්ථාවර තැන්පතු 16 ක් සහ රක්ෂණ ඔප්පු තුනක් දින 07 ක් සදහා තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පියවර ගත්තා.

එම ගිණුම්වල වටිනාකම රුපියල් මිලියන 93.12ක්වන බවයි අල්ලස් කොමිසම නිවේදනය කළේ.

අදාළ මුදල් සැකකටයුතු ගනුදෙනුවලින් උපයාගෙන ඇති බවට සැක කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!