සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය අද (21) සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙමින් දේශපාලනික කරුණු කිහිපයක් ගැන අවධානය යොමුකළා.
එහිදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිහිපවතාවක්ම ඔවුන් සමග එකතුවීමට ආරාධනා කළ මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා එය ප්‍රතික්ෂේප කළ හේතුව අදටත් සිතාගත නොහැකි බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ,
“මෙම අවස්ථාව මට ඉතාම සංවේදී අවස්ථාවක්. එක පැත්තකින් අපේ දැවැන්ත මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා. අපේ මව් පක්ෂයේ නායකයාත් හිටපු නියෝජ්‍ය නායකයාත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත්වෙලා. ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරග කරනවා. අනෙක් හැමෝම එකතු වෙන්න උත්සාහ කරන මේ වගේ වෙලාවක අපේ කඳවුර බෙදිලා දෙන්නෙක් තරග කරන්න ගත්ත තීරණය සමග මගේ හෘද සාක්ෂියට එකඟව කොහෙත්ම එකඟ වෙන්න බෑ. නායකයින් දෙදෙනා දෙපැත්තකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී රටේ අනාගතය ගැන සිතා බලන්නේ නැතුව ගත් දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි.” යනුවෙනි.
2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමට ප්‍රධාන හේතුව ලෙස ඇය පවසන්නේ පක්ෂයේ සිටි බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී සමගි ජනබලවේගය පක්ෂය සඳහා එක්වීම බවයි.
එසේම ඇය අද පාර්ලිමේන්තුවේදී ඒ මහත්මිය පැවසුවේ 1951දී බණ්ඩාරනායක මහතාට බැරිවූ දේ,1991 ගාමිණී දිසානායක,ලලිත් ඇතුලත්මුදලිට බැරිවූ දේ 2020 දී සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු පිරිසට පුළුවන් වූ බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිහිපවතාවකදී ඔවුන් සමග එකතුවීමට ආරාධනා කරන මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා එය ප්‍රතික්ෂේප කළ හේතුව කුමක්ද යන්න සිතාගත නොහැකි බවත් ඒ මහත්මිය අවධාරණය කළා.
සජිත් ප්‍රේමදාස මහතාට ඉක්මණින් ජනාධිපති කෙනෙකු වීමේ අවශ්‍යතාවයක් පවතින බවත්,ඔහුට ඒ සඳහා පරිණතභාවයක් නොමැති බව හා සජිත් ප්‍රේමදාස මහතා මීළඟට සිදුකිරීමට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රංගනයේ දෙවන අදියර බවත් වැඩිදුරටත් සඳහන් කරනවා.
එහිදී අදහස් දක්වමින් ඒ මහත්මිය පැවසුවේ ,
”2020 වන විට අපේ පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බව අපෙ නිහඬ අරගලයක් බවට පත්වුණා.එරු ප්‍රතිපලය වුණේ සමගි ජනබලවෙගය්ට නිර්මාණය කොට බහුතර මන්ත්‍රී පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමයි. එදා තමයි කුමන අභියෝගයකටවත් දෙකඩ කරන්න බැරිවුණු එක්සත් ජාතික පක්ෂය දෙකඩ වුණේ .1951දී බණ්ඩාරනායක මහතාට බැරිවූ දේ,1991 ගාමිණී දිසානායක,ලලිත් ඇතුලත්මුදලිට බැරිවූ දේ 2020 දී සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු පිරිසට පුළුවන් එහෙමයි.
මීට දශකයට පමණ පෙර පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්විය යුතු බවට ස්ථාවරව සිටි අතලොස්දෙනා අතරේ තමාද සිටි බව මට් සිහිපත්වෙනවා.උද්ගතවූ අර්බුධය මගහැරීමට නායකත්ව මණ්ඩලයක් පත්කළත් ,එහි සාමාජිකාවක් බවට එක්සත් ජාතික පක්ෂය මාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට මාවද නම් කෙරුණා.ඒ අවස්ථාවේදීම මා එය ප්‍රතික්ෂේප කර ඉල්ලා අස්වූ බව සජිත් ප්‍රේමදාස මහතාට මතක ඇති බව මා සිතනවා.
එසේම 2020 මැතිවරණයේදී ම ඔවුන් සමග පක්ෂයෙන් එළියට බැසීමට මා තීරණය කළේ සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි තිබු දැඩි විශ්වාසය හේතුවෙනි.ඒ නිසා අපි අතරේ පුද්ගලික ප්‍රශනයක් නැහැ.මේ ජනාධිපතිවරණයේදී අපි ජයග්‍රහණය කිරීමට නම් එකතු වී මිස වෙන්වී ජයග්‍රහණය කිරීම යන්න ප්‍රයෝගික නැහැ.2020දී තිබුණ ආර්ථිකය නෙවෙයි දැන් අපේ රටේ තියෙන්නේ.රනිල් වික්‍රමසිංහ මහතා අපිට එකතුවෙන්න කියා දිගින් දිගටම ආරාධනා කරද්දී සජිත් ප්‍රේමදාස මහතා එය ප්‍රතික්ෂේප කළ හේතුව කුමක්ද යන්න මට හිතාගන්න බැහැ .මට වෙලාවකට හිතෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ඉක්මණින් ජනාධිපති වීමේ හදිස්සියක් තියෙනවාදෝ කියා.හැබැයි ඒ ප්‍රශ්නයට අපේ ඉතිහාසය බොහෝ උත්තර දී තිබෙනවා.
තමන් කොච්චර අපරිණත වුවත් ,තමන්ගේ අපරිණත බව ජනතාව අතරේ කොච්චර කතාබහට ලක්වුවත්,ඒ ගැන වගේ වගක් නැහැ .කොහොමහරි රටේ නායකයා වෙන්න තමයි ඕනි.ඊටකලින් එය හරිද , පරිසරය හරිද,එය වර්දුනොත් විය හැකි විනාශය කොඉ වගේද,එය ප්‍රතිපූරණය කළ හැකි එකක්ද එවැනි විනාශයක වගකීම තමන්ට ගන්න පුලුවන්ද යන්න වගේ කරුණු ගැන කිසිම සොයාබැලීමක් නැහැ අඩුම තරමේ ඒ සඳහා තමන්ට අවශ්‍ය නායකත්ව ගුණාංග තිබේදැයි සිතන්නටවත් වෙහෙසෙන්නේ නැහැ ඉතාම අපරිණත අකාරයේ කෘතීම රැල්ලක් හදාගෙන බලය ගන්න උත්සහ කරනවා මිසක් එය රැකගෙන ඉදිරියට යාමට කිසිම වැඩපිළිවෙලක් සහ සැලැස්මක් ඔලුවේ නැහැ ,මේක දැන් මේ රටට අලුත් දෙයක් නෙවෙයි.ඒ බව ගියවත්වේ ඇස්පනාපිටම ඔප්පු කළ නායකයා තමයි ගොටාභ්ය රාජපක්ෂ,අයෙත් පාරක් ඔහුගේ දෙවන කොටස රඟ දක්වන්න හදන්නේ කියල මට හිතෙනවා.” යනුවෙනි.