ලංකාවේ තේ සදහා චීනයේදී නොබෙල් ත්‍යාගක් ලැබැන බවත්, ගිනස් වාර්තාවක් පවා තබා ඇති බවත් ඇමැති සුනිල් හදුන්නෙත්ති පවසයි.
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
තේ වල තිබුණ ප්‍රධාන ප්‍රශ්නය තමයි පොහොර ලබාදීමේ ප්‍රශ්ණය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කිවු ආර් කෝඩ් එකකුත් හදුන්වාදී තිබෙනවා. ඒකට අවශ්‍ය කටයුතු පහසුකම් සපයා තිබෙනවා. ඉදිරි කාලය තුළ ලොකු ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.
අපිට පසුගිය කාලයේදී ජපානයේ තිබුණ ප්‍රදර්ශනයකදී අපිට නොබෙල් ත්‍යාගය ලැබුණා. ලංකාවේ තේ ක්ලෝ එකක් ඩොලර් අටසීය හැට ගානකට ගියා. ඒක ලංකාවේ මුදල්වලින් දෙලක්ෂ හැත්තෑපන්දහසක් විතර. ඒක ගිනස් වාර්තාවක් පිහිටවූවා. ලංකාවේ තේ ඉතාම හොද කොලිටි එකෙන් තියෙනවා. ඒක නිසා තවදුරටත් තේ කර්මාන්තයේ අපනයනය ක්ෂේත්‍රයේ ඉල්ලුමට සරිලන නිශ්පාදනය ලබාදීම තමයි අභියෝගය. ඒ අභියෝගය ජයගැනීමට හැකිවෙනු ඇතැයි හිතනවා. අපේ කොලිටි ටී වලට ලෝකයේ තවම පිළිගැනීමක් තිබෙනවා.