සිගරැට් අරක්කුවල බදුවලින් ආණ්ඩුවට ආදායම් එන කතාව බොරුවක්- ආණ්ඩු හංගපු ඇත්ත එළියට(video)

නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද  සේරම් මහතා පවසන්නේ මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම් වැටි අලවිය සියයට 50කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ ඉහළ ගොස් ඇති බවය.