දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහයත් සජිත්ට

2024 ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව අද (06) මාධ්‍ය හමුවක් පවත්වමින් එම සන්ධානය ප්‍රකාශ කළා.

මේ සඳහා එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරන් සහ වී රාධ ක්‍රිෂ්ණන් ද එක්ව සිටියා.

ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසනවා.