ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නට කාර්යාල පහසුකම්වත් දීලා නෑ

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නට සිය රාජකාරී කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සදහා අවශ්‍ය කාර්යාල පහසුකම් මේ වන තෙක් ලබාදීමට කටයුතු කර නොමැති බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

අඩුම තරමින් නියෝජ්‍ය ඇමැතිවරයාගේ පරිහරණය සදහා අවශ්‍ය වැසිකිළි පහසුකම්වත් සපයා දීමට කටයතු කර නොමැති බවද අනාවරණය වේ.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න රට හැරගොස් ඇති බවට පසුගියදා ප්‍රචාරයක් දියත් විය.

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ කිහිප දෙනෙකු පැවසුවේ,සුගත් නොගියනම් තමයි පුදුමෙ, යනුවෙන්ය.

එම සේවකයන් පවසන්නේ සුගත් තිලකරත්න දිව්රුම් දීමෙන් පසුව මේ දක්වා ඔහුගේ වැඩ කටයුතුවලට ගැලපෙන පරිදි තවමත් කාර්යාල පහසුකම් පවා හරියට ලබා දී නොමැති බවය. එම සේවකයන් පෙන්වා මූලිකව සැපයිය යුතු වැසිකිළි පහසුකමවත් තවම සුගත් වෙනුවෙන් සකසා නැති බවය.

“මේකෙ ඉන්න සමහර ඉහළ නිලධාරින්ට සුගත් ක්‍රීඩකයා කාලෙ සර් කියලා කතා කරේ. ඒ අය සමහරවිට සුගත්ට පහසුකම් දීම තමන්ට මදිකමක් කියලා හිතනවද දන්නෙ නැහැ. ඇමැතිතුමාවත් සුගත් ගැන හොයල බලන පාටක් නැහැ. අනිත් නියෝජ්‍ය ඇමතිතුමාටනම් සියල්ල සකසා දීලා තියෙන්නෙ” ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවකයෝ පැවසූහ.

කෙසේ නමුත් සුගත් තිලකරත්න තවත් දින කිහිපයකින් නැවත ලංකාවට පැමිණිමට නියමිත බවද වාර්තාවේ.

එසේම ජවිපෙ දේශපාලනය හා සම්බන්ධ අයෙකු පැවසුවේ සුගත් තිලරත්න යනු විජේවීරගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සිය නිවස පවා පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ කැපවීමෙන් දේශපාලනය කරන අයෙකු බැවින් ඔහු පහසුවෙන් පක්ෂයේ වගකීම් හැරදා නොයනු ඇතැයිද සදහන්ය