අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති CA/COC/01/2025 අංකය දරණ නඩුව අද කැඳවනු ලැබුවා.
රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක පල කරන ලද වැඩසටහනක් මගින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
නඩුව යළිත් අප්‍රේල් 04 වන දින කැඳවීමට අභියාචනාධිකරණය අද නියම කරනු ලැබුවා. පෙත්සම්කාර හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න, නීතීඥ රුවන්ත කුරේ, නීතීඥ ලලිත් පියුම් පෙරේරා, නීතීඥ චෙරාග් නිල්ගිරිය ඇතුලු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියා.