ගංවතුරේ විනෝද වෙන්න ගිය සිසුවා මරු තුරුලට

බද්දේගම පොලිස් වසමේ ඇටවරමුල්ල ප්‍රදේශයේ දී වයස අවුරුදු 17ක පිරිමි දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවෙක් දියේ ගිලී ඇති බවට බද්දේගම පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන්, ජීවිතාරක්ෂක නිලධාරීන් හා නාවික හමුදා භට පිරිස් එක්ව අනතුරට පත් දරුවා ගොඩට ගෙන බද්දේගම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගනේගම බටහිර, බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම අනතුර සිදුව ඇත්තේ ගිං ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර මත ටියුබයක ආධාරයෙන් මිතුරන් සමග විනෝද වෙමින් සිටිය දී ටියුබය පෙරළීමෙන් බව අනාවරණය වී තිබෙනවා.

බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.