තරුණයන්ගේ හීන කඩාකප්පල් කරන්න එපා -ඊශ්‍රායල් රැකියා අපේක්ෂිතයන්ගෙන් සජිත්ට දැඩි විරෝධයක්

ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන් විශාල පිරිසක් අද (18) කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන ප්‍රකාශ නිසා ඔවුන්ට ඊශ්‍රායලයේ රැකියා අහිමිවීමට අවදානමක් ඇති බව පවසමින්.

විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ,විපක්ෂ නායකවරයා පලස්තීනය කෙරෙහි වැඩි නැඹුරුතාවයක් පවත්වාගෙන යන නිසා ඊශ්‍රායලයෙන් ලැබෙන රැකියා වරම් අහිමි විය හැකි බවයි.

එහිදී අදහස් දැක්වූ ඊශ්‍රායල් යාමට බලාපොරොත්තුවෙන් සිටින අපේක්ෂක මෙසේ සඳහන් කළා,

”රටේ ආර්ථිකය හරි මගට හැරී යන මේ අවස්ථාවේදී සහ රට විරුවන්ගේ විදෙස් විනිමය අපේ රටට ලැබෙන අවස්ථාවකදී රටේ වගකිව යුතු පුද්ගලයෙක් ලෙස කටයුතු කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිදුන් විසින් පසුගිය දිනක ඉදිරිපත් කළ ප්‍රකාශය අපි දැඩි සේ හෙළා දකිනවා

මොකද රට විරුවන් ලෙස යාමට අපේක්ෂිතව ඉන්න අපේ මේ තරුණ තරුණයන්ගේ හීන කඩාකප්පල් කරන්න එපා අපි අහිංසක තරුණයෝ දුගී දුප්පත්ව ඉන්න තරුණයෝ අපි අපේ ජීවිත ගොඩනඟා ගන්න හරි මාර්ගයක් හදාගෙන විදේශ ගතවීමට අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව ඊශ්‍රායලය සමග ලංකාවේ තියෙන ඒ එකමුතුව තවදුරටත් වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්න තිබෙන අවස්ථාවක ඔහු ප්‍රකාශ කරන ලද ඒ ප්‍රකාශය වහාම අකුලාගන්න ලෙස අද මේ තරුණ තරුණියන් සියලුදෙනාම දැඩි සේ විරෝධය ප්‍රකාශ කරනවා ”

මේ පිළිබඳ වැඩිවිස්තර දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න.