STF වෙඩි පහරින් සැකකරුවෙක් මරුට

ඊයේ (19) රාත්‍රී මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම යාමේදී පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායම හා ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විශේෂ කාර්යය බළකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා ඇති බවත් එහිදී විශේෂ කාර්යය බළකා නිලධාරීන් ද වෙඩි තබා ඇති අතර ඉන් තුවාල ලැබු සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම මියගිය සැකකරු හෝමාගම ප්‍රදෙශයේ සිදූවූ මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරු බව ද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බළකාය සහ මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *