ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් 2017 වසරේ දියත් කරන ලද කොළඹ සහ මෙල්බර්න් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කර වසර 7 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදි. මෙල්බර්න් හී සිට කොළඹ දක්වා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාව වෙත හා ඉන් ඔබ්බට සංචාරය කිරීමට මෙන්ම ඔස්ට්‍රේලියාව සහ දකුණු ආසියාව අතර සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය මහඟු මෙහෙවරක් ඉටුකර තිබේ. විශේෂයෙන් මෙම මෙල්බර්න් – කොළඹ සෘජු ගුවන් වාරය සිය නිවාඩුව ගත කිරීම සඳහා දිවයිනට පැමිණෙන ශ්‍රීලංකිකයන් අතර මෙන්ම ඉන්දියානු සංචාරකයින් අතර ද බෙහෙවින් ජනප්‍රිය වී ඇත.
“ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, සංචාරක ප්‍රවර්ධනය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අපේක්ෂිතඉලක්ක සපුරා ගැනීම සඳහා අඛණ්ඩව ගුවන් මෙහෙයුම් සිදුකරන මෙවන් මොහොතක, මෙල්බර්න් සහ කොළඹ අතර ගුවන් ගමන්වලසත්වන සංවත්සරය සැමරීමට හැකි වීම සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. පසුගිය වසර හත තුළ ගොඩනඟා ඇතිශක්තිමත් පදනමත් සමඟින් ඉදිරියේදීත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට සහ සංචාරක ප්‍රවර්ධනයසඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය හොඳින් ස්ථානගත වී ඇත.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතුතෙන්නකෝන් මහතා පැවසී ය.
“අපගේ මෙහෙයුම්වල සාර්ථකත්වය පිළිබඳව අපි ඉමහත් සතුටට පත්වෙනවා. මෙම ජයග්‍රහණය අපගේ මුළු කණ්ඩායමේ ම වෙහෙස මහන්සි වී කැපවීම පිළිබඳ සාක්ෂියක් වන අතර, ඒ වෙනුවෙන් කටයුතු කල සියලු දෙනාට මම මගේ හෘදයාංගම ස්තූතිය පුදකරනවා. ඉදිරියේදීත් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අපගේ සබඳතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආසියා පැසිෆික් කලාපීය කළමනාකරු වී. රවීන්ද්‍රන් මහතා පැවසී ය.
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය එයාර්බස් A330-300 සහ A330-200 ගුවන් යානා කොළඹ සහ මෙල්බර්න් අතර ගුවන් මෙහෙයුම් සඳහා භාවිතා කෙරේ. UL604 සහ UL605 ගුවන් ගමන් දැනට කොළඹ සහ මෙල්බර්න් අතර දිනපතා ක්‍රියාත්මක කරයි.
ශ්‍රීලංකන් ගුවන් සේවය හැකි සෑම විටම ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය ප්‍රජාව සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යනු ලබයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරනු ලබන අවස්ථා සඳහා සහයෝගය දක්වමින් සහ ඕස්ට්‍රේලියාවේ “Melbourne Half Marathon” සහ “The Great Ocean Road Running Festival” වැනි ප්‍රධාන ක්‍රීඩා ඉසව් සඳහා අනුග්‍රහය දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ සන්නාම ප්‍රවර්ධන කටයුතු සිදු කරයි. එමෙන්ම ‘Invest Victoria’ ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, ගුවන් සේවය සංචාරක හා සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ සිය මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් වික්ටෝරියා ප්‍රාන්ත රජය අතර සබඳතා ශක්තිමත් කර ඇත.
හත්වැනි සංවත්සරය සැමරීමේ උත්සවය විචිත්‍රවත් සංස්කෘතීන් දෙකක් අතර බැඳීම තව තවත් ශක්තිමත් කරමින් දෙරටේ සංචාරකයින් ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ සංචාරය කිරීමට උද්‍යෝගිමත් කිරීමක් ලෙස සැලකිය හැකිය.