ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට යන අමුත්තන් ඇතුළු සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමේ අරමුණින් තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් නව වීසා ප්රවර්ධනයන් අනුමත කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් තායිලන්තයේ සංචාරයට යන සංචාරකයින්ට එරටට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බව හා දින 60ක් දක්වා කාලයක් රැඳී සිටිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පියවර 2024 වසරේ ජූනි මස1 වැනිදා සිට බලපැවැත්වෙනවා.
හැකි තරම් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා එරට විදේශ අමාත්‍යාංශය මෙම පියවර යෝජනා කළ බව එරට රජයේ ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා.
මෙම වෙනස්කම් සමග, වීසා රහිතව ඇතුළුවීමට සුදුසුකම් ලබන රටවල් සංඛ්‍යාව 57 සිට 93 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.