‍ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු පුද්ගලයා

පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වීථිවල මේ දිනවල රැගෙන යන අතර ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ්ටද අවස්ථාව උදාවී තිබෙනවා.

තර්ශන් සෙල්වරාජ් ඉතිහාසගත වන්නේ ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු පුද්ගලයා ලෙසයි.

2023 වසරේදී ඔහු ජනප්‍රියත්වයට පත් වූයේ ප්‍රංශයේ වාර්ෂිකව පවත්වන සාම්ප්‍රදායික බැගෙට් පාන් වර්ගය නිෂ්පාදනය කරන ප්‍රංශයේ හොඳම බේකරි නිෂ්පාදකයාට හිමි සම්මානය දිනා ගැනීමත් සමගයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!