බංග්ලාදේශ පන්දු යවන්නන්ට රිදෙන්නම තැළුෑ කුසල් මෙන්ඩිස් (73) ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවෝ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්හ. බංග්ලාදේශ ඉනිම ලකුණු 154 කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවරයක් ඉතිරිව තිබියදීම තරගය ජයගනිමින් 1-0 ක් ලෙසින් විස්සයි-20 තරගාවලියේ පෙරමුණ ගත්තේය.
එක්දින තරගාවලියේදී කළ ආකර්ශනීය පිතිහරඹය විස්සයි-20 තරගාවලියටත් ගෙන ආ කුසල් මෙන්ඩිස්, පන්දු 51 කින් ලකුණු 73 ක් ලබාගත්තේ වසර 19 ක (තරග 204 ක්) ශ්‍රී ලංකා විස්සයි-20 ඉතිහාසයේදී ප්‍රහාරාත්මක ඕවර 6 දී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද වාර්තා කරමිනි. කුසල් පරළ වීමට පෙරම ඔහුට තාලය අල්ලා දුන් පැතුම් නිස්සංක සිය ලකුණු 42 වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 16 කට පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවර 5 දී ලකුණු ලබාගැනීම සටහන් වූයේ 14-16-16-18 සහ ක් ලෙසිනි. ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දු තුනම හතරේ සීමාවට යැවූ පැතුම් නිස්සංක (42) සහ මෙන්ඩිස් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 78 ක් එකතු කළහ.
ප්‍රහාරාත්මක ඕවර 6 නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 83 ක් ලබා සිටියේ වසර 2018 දී ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඕවර 6 කින් ලබාගත් ලකුණු 75 අභිබවා යමිනි.
පැතුම් දැවී ගියත් කුසල්ලා දෙදෙනාගෙන් බංග්ලාදේශ පන්දු යවන්නන්ට ගැලවීමක් නොතිබිණ. කුසල් ජනිත් පෙරේරා වෙනදා තරම් ආක්‍රමණශීලී නොවූවත් මෙන්ඩිස්ගෙන් අනුකම්පාවක් නොතිබිණ.
මෙන්ඩිස් සිටියේ තරගය ඉවර කිරීමේ අභිලාෂයෙනි. එහෙත් ඔහුගේ පිත්තේ පිටත දාරයේ වැදුණු මොහොමඩ් සයිෆුඩීන්ගේ පන්දුවක් එක්ස්ට්‍රා කවර්ස් කලාපයට ඉහළින් යද්දී පැත්තෙන් පැත්තට දිව යමින් එහි එල්ලුණු ශමීම් හොසේන්, ඉලක්කයට ලකුණු 7 ක් මෑතින් සිටියදී පිතිකරුවාගේ බලාපොරොත්තු සුන් කළේය. ඒ වන විට පන්දු 51 කට මුහුණ දී සිටි මෙන්ඩිස්, හතරේ පහර 5 කින් සහ දැවැන්ත හයේ පහර 3 කින් බංග්ලාදේශ පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබිණ.
පර්වේස් හොසේන් (38) සහ ටැන්සිඩ් හසන් (16) එක්ව අධිවේගී ආරම්භයක් ලබාගත් නමුත් නුවන් තුෂාරගෙන් පිත්තටම ලැබුණු පන්දුවකින් ටැන්සිඩ් දැවී ගියේය. පන්දු 31 කින් 50 වැනි ලකුණු පුවරුවට එකතු කළ බංග්ලාදේශ පිතිකරුවෝ ප්‍රහාරාත්මක ඕවර 6 නිමා වන විට ලකුණු 53 ක් රැස්කරගෙන සිටියහ. ඒ ඕවරයකදී ලකුණු 9.00 ක වේගයකිනි.
හත්වැනි ඕවරයේදී දසුන් ශානක පන්දුව අතට ගැනීමත් සමගින් ලකුණු ගලා ඒම පාලනය විය. කඩුල්ල එල්ලයේ පන්දු යැවූ දසුන්ගේ මුල් ඕවර 3 න් බංග්ලාf්දශයට ලබාගත හැකිවූයේ ලකුණු 11 කි. අවසන් ඕවරයේදී යැවූ බවුන්සර් පන්දු දෙකක් හේතුවෙන් හතරේ පහර දෙකකින් සංග්‍රහ ලද නමුත් සිය ඕවර 4 ලකුණු 22 කට සීමාකරගත් හිටපු නායකයා, ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත විය.
වනිඳු හසරංග වෙනුවට කණ්ඩායමට පැමිණි ජෙෆ්රි වැන්ඩසේත් හොඳ පන්දු යැවීමක නිරත වෙමින් සිය ඕවර 4 ලකුණු 26 කට සීමාකර ගත්තේය.
මොහොමඩ් නයීම් සහ මෙහෙදි හසන් මිරාස් දිගු වේලාවක් පිටියේ රැඳුණු නමුත් ලකුණු 46 ක සම්බන්ධතාව වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 36 ක් කා දැමූහ. ලකුණු සම්බන්ධතාවට වඩා දෙදෙනා මුහුණ දුන් පන්දු සංඛ්‍යාව අඩු වූවත් මෙම සම්බන්ධතාව පැවැතියේ අවසන් ඕවර 4 ආසන්නයේදී වන බැවින් එයින් බරපතළ හානියක් විය. බංග්ලාදේශ ලකුණු සංඛ්‍යාව අඩුවීමට ප්‍රධාන හේතුවක් වූයේ මේ දෙදෙනාගේ සම්බන්ධතාවයි