ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට – ඉතිහාසගත අවස්ථාවක්

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ පළමු වටයේ මේ වන විට සහභාගි වූ තරග තුනෙන් දෙකක් ම පරාජය වූ අතර, එක් තරගයක් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට එක් අවසන් බලාපොරොත්තුවක් ඉතිරිව තිබුණා.

නමුත් ඒ බලාපොරොත්තුවත් ඊයේ (13) බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයේ දී බංග්ලාදේශය ජය ගැනීම හේතුවෙන් සුන්වී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ තවත් එක් තරගයකට පමණක් මුහුණ දීමට ඉතිරිව තිබෙනවා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

නමුත් එම තරගය කුමන අයුරකින් ජයග්‍රහණය කළත් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන මේ වන විට අවසන් වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක දී පළමු වටයෙන් ම ඉවත් වූ පළමු අවස්ථාව බවට මෙය පත්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!