ලංකා කම්කරු කොංග්‍රසයේ සහයත් ජනපති රනිල්ට

2024 ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළා.

කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී  මාධ්‍ය හමුවක් පවත්වමින් එම කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව ප්‍රකාශ කරනු ලැබුවා.

මෙහිදී ජාතික සභාවේ සියලුම සාමාජිකයන් ඒකමතිකව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනව.

ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසය සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමටද නියමිත බව ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේ.